Home Pictures Friends Chat Tele drama Email
News Aleart
Gossips..
 
පසුගියදා යුග දිවියට එළඹුන උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත්වීමට යන කරුණ පසුගිය කාලයේ සංගීත ලෝකයේ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වුවා.මේ පිලිබඳ ඇත්ත දැනගැනීමට අප සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ උදය ශ්‍රී වික්‍රමසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.
Tuesday Feb 21st, 2012, 06:24:03

ප්‍රවීන ටෙලිනාට්‍යය හා සිනමා ශිල්පිනි සනෝජ බිබිලේ මෙනෙවිය කතරගම වන්දනාවේ ගොස් සිටි අතර අසනීප වීම හේතුවෙන් කතරගම රෝහ‍ලේ සේවය කරන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන ජානකි පතිරණ මහත්මියගේ නිල නිවසේ පවත්වාගෙන යන පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් ඇත.
Tuesday Feb 21st, 2012, 06:12:18

නව පරපුරේ ප‍්‍රකට ගායක කණ්ඩායමක් වන සෙන්ටිගේ‍්‍රඩ්ස්හි සාමාජික උදය වික‍්‍රමසිංහගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා. ඒ සඳහා ඔහුගේ ගායක හිතමිතුරන් මෙන්ම ප‍්‍රකට කලාකරුවන් රැසක් එක්ව සිටියා. එහි ඡායාරූප එකතුව බලන්න.
Friday Feb 17th, 2012, 11:16:19

නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්. මෙහි අලුත්ම ගොදුර බවට පත්වී ඇත්තේ රෝයි පිරිස් මහතායි. ඒ ඔහු වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතය ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම හේතුවෙනි. මෙම සංගීත නිර්මාණය පිලිබඳ විවිධ පාර්ශව ශිහාන්ට මෙන්ම රෝයි පිරිස් ටද චෝදනා නගනවා. ඒ හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය පිලිබඳ අප සොයා බැලුවා.
Tuesday Feb 14th, 2012, 12:21:04

ශිහාන්, බොහෝ යුවතියන්ගේ හීනවල කිරුළු දැරුවත් ඒම හීනය සැබෑ කරගන්න ලැබුනේ එක් අයෙකුට විතරයි. ඇය ග‍ෂේනි ක්ලෙමන්ටා. විවාහයෙන් පසු ශිහාන් තමන්ගේ විවාහය ගැන හා ගෙෂේනි ගැන මාධ්‍යයට හෙළි කර තිබෙනවා.
Wednesday Feb 08th, 2012, 21:02:01

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ පුතු වන ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" නම් ගීතයට බෞද්ධ සංවිධාන වල දැඩි විරෝධය එල්ලවී තිබේ.
Tuesday Feb 07th, 2012, 22:32:28

පසුගිය සතියේ විවාහ දිවියට පිවිසි ජනප‍්‍රිය ගායක ශිහාන් මිහිරංග ඉරිදා ලංකාදීප පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහුගේ විවාහය ඉක්මන්වීමට හේතුවත් ඔහුගේ මනාලිය පිළිබඳවත් කතා කර තිබෙනවා.
Saturday Feb 04th, 2012, 04:42:48

පසුගිය සතියේ ආරංචි වුනේ ශිහාන් මිහිරංග නොකියාම බැන්ද කතාවය. දැන් මලිත් පෙරේරාත් කසාද බැන්ද කතාව කියන්නට සිදුව තිබෙනවා. සිරස සුපර් ස්ටාර් ගායක මලිත් පෙරේරාගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝර්න් නුවරදී සිදු වුණා.
Saturday Feb 04th, 2012, 04:08:20

සෙන්ටිග්‍රේඩ්ස් ගායක කණ්ඩායාමේ ජනප්‍රිය යොවුන් ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා යුග දිවියට එළඹුනා. යුග දිවියට එළඹීමට ප්‍රථම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සමග සම්බන්ධ නොවී ගීත කීපයක් එලි දැක්වූ උදය ශ්‍රී "ස්වදේශ් මියුසික්" යනුවෙන් තමාගේම ආයතනයකුත් ආරම්භ කළා.
Thursday Feb 02nd, 2012, 12:27:44

"අපිට ආසයි ඔයා බැඳලා ඉන්නවා දකින්න" අනර්කලී ආකර්ෂා කිසිදිනක විවාහ නොවන බව යලිත් පවසා තිබෙනවා. පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.
Monday Jan 30th, 2012, 09:14:42

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ නිළියක් වූ පූජා උමාශංකර් ඉන්දීය චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇය සිංහල සිනමාවට සම්බන්ධ වන්නේ චන්න පෙරේරාගේ “අංජලිකා” චිත්‍රපටයත් සමඟයි. එහි සාර්ථකත්වයත් සමඟ ඇය ඉන් පසු "ආසයි මං පියාඹන්න", "යහළුවෝ" හා "සුවඳ දැනුනා ජීවිතේ" යන චිත්‍රපටවලටද සම්බන්ධ වුණා.
Saturday Jan 28th, 2012, 06:33:24

ජනප‍්‍රිය ගායිකා උරේෂා රවිහාරිගේ විවාහ උත්සවය ඊයේ(27) රාත‍්‍රී ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුණා. ප‍්‍රවීණ නිවේදක ධර්ම ශ‍්‍රී වික‍්‍රමසිංහයන්ගේ දියණියද වන උරේෂාගේ විවාහ උත්සවයට කලාකරුවන් රැසක් එක්වුණා. ඇය අතගත්තේ වෘත්තියෙන් වෛද්‍යවරයෙකු සමගිනි.
Saturday Jan 28th, 2012, 05:05:07

පෙරේදා විවාහ දිවියට ඇතුලු වූ ශිහාන් මිහිරංගගේ නැවත ගෙදරට පැමිණීමේ උත්සවය අද තිබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියද එවැන්නක් නොමැති බවයි අප වෙත වාර්තා වෙන්නේ.
Friday Jan 27th, 2012, 07:42:42

ශිහාන් මිහිරංගගේ විවාහය ඊයේ සිදුවූ බව අප ඔබට හෙළි කළා. විවාහ උත්සවය පැවැත්වුනේ හැඳල නායකකන්ද ශාන්ත මේරි දේවස්ථානයේදීයි. ශිහාන් මිහිරංගගේ සමඟ අතිනත ගත්තේ ගීෂ්නි ක්ලමෙන්ටා සිල්වා මෙනවියයි. ඇය ශිහාන් ඉගනගත් පාසලේම සිටි ගුරුවරයෙකුගේ දුවකි. විවාහ මංගල්‍යයේ නිල ජායාරූප ගැනීම සිදුකර ඇත්තේ දයාන් විතාරන විසිනි.
Thursday Jan 26th, 2012, 05:59:25

පසුගිය දා ස්වර්ණවාහිනියේ හත්දින්නත් තරු වැඩසටහනට ජනප්‍රිය ගායක දමිත් අසංග සහභාගී වුවා. එහිදී එම වැඩසටහන මෙහෙයවන ජයන්ත ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දමිත් අසංග කිව්වේ මහණ වීමට බලාපොරොත්තුවක් ඇති බවයි. ඔහු එය ප්‍රකාශ කලේ පහත පරිදියි.
Thursday Jan 26th, 2012, 05:07:06

ඒ සමඟම ශිහාන් මිහිරංගගේ පෙම් සබඳතාව හා විවාහය මෙම වසරේ සිදුවන බව අප වෙතින් පසුගිය දෙසැම්බර් 28 වෙනිදා ඔබට හෙළි කලා.
Wednesday Jan 25th, 2012, 01:45:35

බොලිවුඩ් හී ජනප්‍රිය පොප් හා playback ගායකයෙක් වන සෝනු නිගම් ගේ ප්‍රසංගයක් කොළඹදී පැවැත් වීමට නියමිතයි. ඒ පෙබරවාරි මස 18 වෙනි සෙනසුරාදා හවස 6:30 සිට 10:00 දක්වා CH&FC හිදීයි. මේ සදහා ඇතුළත්වීමට අවශ්‍ය ටිකට් පත් රුපියල් 1000 සිට ඉහලට ඇති අතර ඒවා ලබා ගත හැක්කේ පෙබරවාරි පළමුවෙනිදා සිටයි.
Monday Jan 23rd, 2012, 12:37:21

තව මාස දෙක තුනකින් තිරගතවීමට නියමිත ලංකාවේ වැඩිම වියදමක් දැරූ චිත‍්‍රපටය හැටියට සැලකෙන සුපර් සික්ස් තරුණයින් තුන් දෙනෙකු සම්බන්ධ පේ‍්‍රම කතාවක් ඇතුළත් චිත‍්‍රපටයකි.
Friday Jan 20th, 2012, 12:42:41

 
 
පසුගියදා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම උදෙසා ධවල මන්දිරයේ "වී ද පීපල් " හරහා ඉදිරිපත් කල පෙත්සමට නියමිත කාලය ඇතුලතදී අත්සන් 25,000 ඉක්මවූ ප්‍රමාණයක් ලැබී තිබුණා. මේ අනුව ඇමරිකානු රජයේ නීතිඥයකු වන අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාර්යාංශයේ සහකාර ලේකම් මයිකල් එච්. පොස්නර් මහතා විසින් ඒ සඳහා පිළිතුරු දී තිබෙනවා.
Thursday Feb 23rd, 2012, 05:40:14

 
සිරස සුපර්ස්ටාර් දෙවන අදියරෙන් ජනප්‍රියත්වයට පත් සුරේන්ද්‍ර පෙරේරාගේ මව හදිසියේ හෘදයාබාධයක්‌ හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.
Thursday Feb 23rd, 2012, 05:35:24

 
හදිසියේම අස්වාභාවික ලෙස හිසේ අඟක් සෑදීමට පටන් ගැනීම නිසා එතැන් පටන් වසර 49 ක්ම සමාජයෙන් සැඟව රහසිගතව විසීමට සිදුවූ අරුම පුදුම සිදුවීමක් පසු ගියදා මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ බාහිර රෝගී අංශයෙන් අනාවරණය වුණා. මෙම සිද්ධියට පුහුන පා තිබුනේ රාගම, කුරුකුලාව පදිංචි ඩබ්ලිව්.ඞී. ජුලියන් මහතාය. වසර 50 ක් ගතවූ පසු මෙම අඟ ශීඝ‍්‍රයෙන් ඉහළට වැඞීමට පටන්ගන ඇති අතර එතැන් පටන් වයස 99 දක්වා ඔහු ජීවත් වී තිබුනේ සමාජයෙන් වසන්වීමෙනි.
February 23, 2012 10:51 am

 
ආදරණිය නයගරා ටෙලි නාට්‍යයේ රුගතකිරීම් වලට ඇමරිකාව බලාගොස් ඇති නෙහාරා හා මේනක මේ දිනවල කැමරාව ඉදිරියේත් හා ඉන් බාහිරවත් සිටින්නේ එකටමයි.
Wednesday Feb 22nd, 2012, 06:10:41

 
අඩි 6 ක් දිග ලී රීප්පයක් පුද්ගලයෙකුගේ බඩක් පසාරු කරගෙන එළියට ගිය බරපතල අනතුරක් පසුගියදා මාවනැල්ලෙන් වාර්තා වුණා. වෛද්‍යවරුන්ගේ දක්ෂකම නිසා මෙම පුද්ගලයාට ජීවිත හානියක් නොවී ලී රීප්පය ඉවත්කිරීමේ සැත්කම කර තිබුනේ මාවනැල්ල මූලික රෝහලේදීය. හෙම්මාතගම පිහිටි ලී මෝලක වසර 7ත් තිස්සේ වැඩකරන දිසානායක නම් 51 හැවිරිදි මේ වඩු කාර්මිකයා ආධුනිකයෙකුගේ සහය ඇතිව ලී ඉරන යන්ත‍්‍රයෙන් ලී ඉරමින් සිටින අතරදී ලීයක් ගිලිහී යැම නිසා මෙම බිහිසුණු අනතුරට මුහුණපා තිබෙනවා.
Tuesday Feb 21st, 2012, 07:38:08

 
ලංකාවේ ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුවූ ආර්.බී.ඒ. ජයරත්න මහතා ඊයේ උදෑසන දොම්පේ කිම්බුල්වත්ත ප‍්‍රදේශයේදී කපාකොටා මරා දමා තිබෙනවා’ සුප‍්‍රකට ‘බියගම විලේජ්’ හා ‘හංවැල්ල විලේජ්’හෝටල වල හිමිකරුද වන ජයරත්න මහතා ව්‍යාපාර ගණනාවක් හිමි ඉඩම්හිමි වැවිලිකරුවකු වනවා. කෝටිපති ව්‍යාපාරික ආර්. ඊ. බී. ජයරත්න මහතා (20 වැනිදා) පෙරවරුවේ දොම්පේ ප‍්‍රදේශයේ පිහිටි ඔහුට අයත් ඉඩමකට ගිය අවස්ථාවේ එහි කඩා වැදුණු සාහසිකයකු ඒ මහතාගේ හිස දෙපලූවන ලෙස කපා කොටා කෲර අන්දමින් ඝාතනය කර පලා ගොස් ඇත.
Tuesday Feb 21st, 2012, 07:31:31

 
පසුගිය කාලයේ රටම උණුසම් වීමට බලපෑ කාරණය වුයේ ඛනිජ තෙල් මිල ඉහල යාමයි.විශේෂයෙන්ම මෙම තෙල් මිල ඉහල දැමීම කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව හදිසියේ සිදු වුවක් නිසා ඉන් උදාවූ ප්‍රතිපල වල වගකීමක් ගැනීමට කිසිදු අමාත්‍යවරයෙකු ඉදිරිපත් නොවීමත් මෙහිදී දැකිය හැකි විශේෂ කාරණයක් වුවා. ඒ වනවිට ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සංචාරයකට ගොස් සිටි නිසා දිගින් දිගටම ඇමතුම් දෙමින් ලංකාවේ තත්වය පිලිබඳ සොයා බැලීමට අමතක කලේ නැහැ.එහිදී අමාත්‍යවරුන් කිවේ තත්වය බරපතල බැවින් තාවකාලික විසදුම් හෝ සහනාධාර වලින් තොරව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි.
Tuesday Feb 21st, 2012, 06:47:07

 
පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැයෙන් රුපියල 3% කින් අවප්‍රමාණය කිරීමට තීන්දු කිරීමත් සමඟ 110.38 ට තිබූ ඇමරිකානු ඩොලරය රුපියල් 113.80ක් දක්වා ඉහළ නැගුණි. එමඟින් රජය බලාපොරොත්තු වූයේ දේශීය භාණ්ඩ අපනයනය කිරීමෙන් වැඩි ලාභයක් උපයාගැනීමයි. ඉන්පසු පසුගිය මාස කීපයක් ඇමරිකානු ඩොලරය රු. 113ක් වූ ස්ථාවර ම අගයක පැවතුන අතර රුපියලේ අගය දිගින් දිගටම පිරිහීම ආරම්භ වුයේ පෙබර්වාරි 02 වෙනිදා සිටයි. පෙබරවාරි 03 වැනිදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 114.88 දක්වා ඉහල ගියේය.
Tuesday Feb 21st, 2012, 06:26:31

 
පසුගියදා නිකුත්වූ උසස් පෙළ ප්‍රථිපල නිසා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේත්, අධ්‍යාපන ඇමති ඇතුළු අනෙකුත් අමනෝඥ නිළධාරීන්ගේත් නිරුවත රටට හෙළි වුණා."පොඩි අවුලක් වෙලා තියෙන්නේ" යැයි පසුගියදා එස්. බී දිසානායක ඇමතිවරයා පැවසූ උසස් පෙල ප්‍රතිපලය නිසා මානසික පිඩනය දරාගැනීමට නොහැකි වූ ශිෂ්‍යයෙක් පසුගිය සතියේ සිරුරට ගිනි තබා ගත්තා. මේ ඔහුගේ ගිනි තබාගැනීම පිළිබඳව කතාවයි.
Tuesday Feb 21st, 2012, 06:16:47

 
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවත පැවති උද්ඝෝෂණයකදී වෙඩි තැබීමෙන් මිය ගිය හලාවත ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට ගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ආපසු හරි ඒමට සිදුවූ බව වාර්තා වේ. පැනනගින විරෝධය නිසා වෙනත් පාරකින් අවමගුල් උත්සවයට සහභාගී වීමට ගියත් ධීවරයන්ගේ දැඩි විරෝධය මැද්දේ ජේෂ්ඨ අමාත්‍යය මිල්රෝයි ප්‍රනාන්දු, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අරුන්දික ප්‍රනාන්දු,විකටර් ඇන්ටනි පෙරේරා,වයඹ පළාත් සභාවේ ධිවර ඇමති සනත් නිශාන්ත, හලාවත නගරාධිපති නීතිඥ ප්‍රසන්න ප්‍රනාන්දු යන අයට ආපසු හැරී ඒමට සිදුවිය.
Saturday Feb 18th, 2012, 06:25:52

 
ආණ්ඩුව විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විසින් ඊයේ (17) කොළඹදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව පසුව ටෙලිකොම් වටරවුම දෙසට ඉදිරියට ගමන් කල අවස්ථාවේදී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කර පිරිස විසුරුවාහරිනු ලැබුවා.
Saturday Feb 18th, 2012, 05:54:53

 
ගණිකා වෘතියේ නියැලුණු ටෙලි නාට්‍යය නිලියන් දෙදෙනුකට අද ගල්කිස්ස උසාවිය මගින් දඩ නියම කරනු ලැබුවා. ගල්කිස්ස උසාවියේ මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ඔවුන් දෙදෙනාට රුපියල් 250 ක දඩයක් හා තුන්මසක සිර දඬුවමක් නියමකොට එය පස් වසරකට අත්හිටුවා ඇත. මෙසේ දඩ නියමවුණු ටෙලි නාට්‍යය නිලියන් වන්නේ සජීවනී පෙරේරා හා අසනිකා උදාරි ද සිල්වායන දෙදෙනායි.
Friday Feb 17th, 2012, 11:50:53

 
පසුගියදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත‍්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා ඒ ප‍්‍රදේශයේ විශාල පිරිසකට සිය පාරම්පරික ආදායම් මාර්ග අහිමිව ගිය නමුත් ඉදිකිරීම් වලින් පසුව අධිවේගයේ රැකියා ලබාදීමේදී සියල්ල හම්බන්තොටට ලබාදී ඇති බවකි.
Friday Feb 17th, 2012, 11:41:14

 
හෙට (18) දිනයේදී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයට සහභාගී වීම සඳහා බොලිවුඩ් හී ජනප්‍රිය පොප් හා playback ගායකයකු වන සෝනු නිගම් අද උදෑසන ලංකාවට පැමිණියා. ලංකාවේ සිටින ඔහුගේ රසික රසිකාවන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගිවී සිටියා.38 වන වියේ පසුවන සෝනු නිගම් නිකුත් කර ඇති ගීත ඇල්බම් සංඛ්‍යාව 40 ක්.
Friday Feb 17th, 2012, 11:30:43

 
නිල් මැණිකෙන් මතුවූ වාසනාව ලුණුගම්වෙහරපාරක් සැදීම සඳහා ගෙනගොස් දැමු බොරළු පස් තුල තිබු නිල මැණිකක් හමුවීමක් සමග එම ප්‍රදේශය නොසන්සුන්වී ඇත. ඒ අනුව තවත් මැණික් සෙවීමේ අරමුණිනලුණුගම්වෙහර ප්‍රදේශවාසින් පමණක් නොව ලංකාව පුරා සිටින මැණික් ව්‍යාපාරිකයන් සිය ප්‍රාඩෝ මොනේටෙරෝ බෙන්ස් රථ වලින් ලුණුගම්වෙහර කරා ලඟාවිය.
Friday Feb 17th, 2012, 10:50:31

 
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව උද්ඝෝෂණය නියුතුව සිටිය දී හලාවත එගොඩවැල්ලේදී වෙඩි පහරකට ලක්ව මිය ගිය ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ මරණයට හේතුවූ වෙඩි තබන ආකාරය දැක්වෙන ජායාරූපයක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා. 38 හැවිරිදි ඇන්ටනී ප්‍රනාන්දු මහතා දෙදරු පියෙක් වන අතර ඔහුට වයස අවුරුදු 09ක දියණියක් සහ අවුරුදු 7ක පුතනුවකු සිටිනවා. මෙම සිද්ධිය වන විට ඔහුගේ බිරිඳ සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිට තිබෙනවා.
Thursday Feb 16th, 2012, 09:47:05

 
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන විදුලි බිල ඉහල දමා තිබෙනවා. ඒ අනුව විදුලි ඒකක 0-30 දක්වා 25% කින්ද, 31-60 දක්වා 35% කින්ද, 60 ට වැඩි නම් 40% න්ද විදුලි බිල වැඩි වෙනවා. සාමාන්‍ය නිවසක විදුලි පරිභෝජනය ඒකක 60ට වැඩි වන නිසා මෙම 40%ක වැඩිවීම රටේ බහුතර ජනතාවට බලපානු ඇති.
Wednesday Feb 15th, 2012, 12:54:07

 
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව හලාවත නගරයේ අද උදෑසන පවති පැවති විරෝධතාවකට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා. එම වෙඩි තැබීමෙන් එක් අයෙක් මියගොස් ඇති අතර තවත් දෙදෙනෙක් තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව ඉන්ධන මිල පහත හෙලන ලෙස බලකරමින් දහස් ගණනක ජනකායක් හලාවත ධීවරයන් මාළු වෙලදපොල ප්‍රදේශයේ සිට නගරය දෙසට පැමිණ තිබෙන අතර එම පාගමනට පොලිසීය කදුළුගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් අනතුරුවයි වෙඩි තබා තිබෙන්නේ.
Wednesday Feb 15th, 2012, 01:42:15

 
පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් බෝ කිරීමේ හැකියාව ඇති එකම තරුණ ඇතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමට සුදානම් කර ඇති බව වාර්තා වෙනවා. පරිසරවේදී සජීව චාමිකර මහතා මේ පිළිබඳව හෙළිකර සිටින්නේ දැනට පින්නවල අලි ඇත්තු 85 දෙනකු පමණ සිටියද ඔවුන් අතර ඇතුන් සිටිනුයේ තිදෙනකු පමණක් බවයි.
Wednesday Feb 15th, 2012, 01:36:26

 
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තුව 20% කින් ඉහල දැමීමට රජය විසින් විසින් කැමැත්ත පල කර තිබෙනවා. ගමනාගමන කොමිසන්සභාවේ බලධාරීන් සමග අද සවස පැවති සාකච්ඡාවේදී බස් ගාස්තු 20% න් ඉහළ නැංවීමට එකඟතාව හිමිවූ බවයි පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු වජේරත්න මහතා පවසන්නේ. එසේම වැඩිවන පුද්ගලික බස් ගාස්තුවලට සාපේක්ෂව ලංගම බස් ගාස්තුද 20% න් ඉහළ නැංවීමට තීරණය කර ඇති අතර එබැවින් මිල සංශෝධනය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා එකසේ පොදුය.
Monday Feb 13th, 2012, 12:15:30

 
කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය අනතුරට ලක්ව ඇත්තේ දහවල් 1.35 ට පමණ බිංගිරිය දුම්මලසූරිය හැවන ප්‍රදේශයේ ඇති සණස බැංකුවක් අසලටයි අනතුරට පත් මෙම මිග්-27 ප්‍රහාරක යානය කඩා වැටී තිබෙන්නේ. පසුගිය වසරේ මාර්තු 01 වෙනිදාද කෆීර් යානා 02 ක්‌ එකට ගැටීම නිසා යානා දෙකකම අනතුරට පත් වුණා. ඒ ගුවන් හමුදාවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලානේදී පැවැත්වීමට නියමිත ගුවන් යානා සංදර්ශනය සඳහා පෙරහුරුවක නිරතව සිටියදීයි.
Monday Feb 13th, 2012, 12:09:01

 
දෙනියාය හරහා ගාල්ලට විදුලිය ගෙනියන වෝල්ට් එක් ලක්ෂ තිස් දෙදහසක විදුලි රැහැනක එල්ලී සියදිවි නසා ගැනීමට උත්සාහ කල තරුණයෙක් පිලිබඳ පුවතක් පසුගියදා දෙනියාය මොරවක ප්‍රදේශයෙන් වාර්තා වුනා. ඒ අනුව බිමත්ව සිටි තිස් දෙහැවිරිදි සනත් නම් තරුණයා සිය දිවි නසාගැනීමේ අරමුණෙන් විදුලි කණුවේ ඉහලටම නැග ඉහල කම්බියේ එල්ලුනත් ඔහුට විදුලිසර වැදුනේ නැත්තේ එම කම්බියේ විදුලිය ගමන් නොකරන නිසාවෙනි.
Monday Feb 13th, 2012, 11:47:08

 
ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි මාස කිහිපය ජෝතිශ්‍යයට අනුව අපල කාලයක් බව සඳහන් වේ. එනම් එතුමාගේ කේන්දරයේ බ්‍රාහ්මණ දෝෂයක් ක්‍රියාවට නැගෙන හෙයිනි. ඒ පිළිබඳව පළවුණු ලිපියක් පහත වේ. කන්‍යා ලග්නයෙන් උපත ලැබූ ජනපති මහින්ද රාජපක්ෂයන්ට මෙම කාලය අසුභ කාලයකි.එයට හේතුපාදක වන කරුණු කීපයක්ම ඇත.ජනපතිතුමා ගුරු මහ දශාවේ ගුරු අතුරු දශාව ගත කරමින් සිටින අතර මාර්තු මාසයේ ශනි අතුරු දසාව ලබයි.
Monday Feb 13th, 2012, 11:45:27

 
මේ කාලයේ දැඩි නිහඬතාවයකින් සිටින මර්වින් සිල්වා ඇමතිවරයාට සිද්ධවූ අලකලංචි සියල්ල විමසා බැලූණ මුහුණට මුහුණ සාකච්ඡාවක් ඊයේ මව්බිම පුවත්පතේ පළවුණා. එහිදී මර්වින් බොහෝ ප‍්‍රශ්න වලින් ලිස්සන්නට හදන අතර ඔහු දැන් සිටින විදිහ සාධාරණීකරණය කරන්නේ ‘මම මේ දවස්වල වළගම්බා රජ්ජුරුවො කාලයක් රට පාලනය කළා වගේ ටිකක් හැංගිල තමයි ඉන්නේ...’ කියමිනි.
Saturday Feb 11th, 2012, 09:47:37

 
මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනය වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය හා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ කරමින් අසත්‍යය කට කතා පැතිරුණි. නමුත් හිරුණිකා යහළුවී සිටින්නේ පියසේන ගමගේ අමාත්‍යවරයාගේ පුතු වන රන්දිම ගමගේ සමගිනි.
Saturday Feb 11th, 2012, 09:32:16

 
වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූණා. එම ලැප්ටොප් පරිඝණකයද සොරාගන්නා ලද්දේ කලින් සොරකම් වලදී මෙන් කාන්තාවක් වන අතර සොරාගත් භාණ්ඩය සඟවාගන යන්නේද එකම විදිහටයි.
Saturday Feb 11th, 2012, 06:08:24

 
ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුව පිලිබඳ මාධ්‍ය හෙළි කළා. ඒ අනුව 2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවී ඇතත් සුධර්මන් තවමත් නිදැල්ලේය.
Friday Feb 10th, 2012, 13:16:45

 
ලංකාවේ හොර වැඩ වලට දැන් දැන් නිර්මාණශීලීත්වය එක්වන අවස්ථා දක්නට ලැබෙනවා. පොලිසිය ගංජා අල්ලන නිසා ඒවා නිර්මාණශීලී ක‍්‍රමයකට වෙනස් මුහුණුවරකින් ඉදිරිපත් කර පොලිසිය මගහැරීමට ඉංගිරිය ප‍්‍රදේශයේ තරුණයෙකු උත්සාහ දරා තිබෙනවා. ඒ ගංජා චොකලට් නිර්මාණය කිරීමෙන්. සුවදින් මිස වෙන කිසියම් හෝ ආකාරයකින් හඳුනා ගැනිමට නොහැකි වන ලෙසට සියුම් ආකාරයෙන් නිපදවා තිබුණ ගංජා චොකලට් තොගයක් අත්අඩංගුවට ගැනීමට පසුගියදා ඉංගිරිය පොලිස් නිලධාරීන් සමත් වුණා.
Friday Feb 10th, 2012, 13:19:14

 
ඩැඩි සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා ගායනා කරන "ටිකෙන් ටික" ගීතයමේ දිනවල කවුරුත් කතා බහ කරන ගීතයක් බවට පත්වෙලා තියනවා. "භවතු සබ්බ මංගලම්" ආශිර්වාද ගාථාව අඩංගු කර තිබූම නිසා මේ දිනවල එම ගීතය තහනම් කළ යුතු බවට බෞද්ධ සංවිධාන කීපයක් හඬ නඟන බවයි පසුගියදා බව වාර්තා වුනේ.
Friday Feb 10th, 2012, 13:10:27

 
රාගම වනාත ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මහත් භීතියට පත් කරමින් සිටි “රාගම මිනීමරු කිඹුලා” ඊයේ අල්ලගන තිබුණා. අඩි 19 ක් පමණ දිග විශාල සිරුරකින් යුක්තව වැඩී තිබුන මෙම කිඹුලා හසුවී තිබුනේ ප්‍රදේශයේ තරුණයකු විසින් අටවන ලද උගුලකටයි. මෙම කිඹුලා විසින් පසුගියදා ගවයන්ට තණකොළ කැපීමට ගිය තරුණයකු ඩැහැගෙන ගොස් මරා දමා තිබූණ අතර ප්‍රදේශයේ ගවයින්, සුනඛයින් ආදී සතුන් ආහාරයට ගෙන තිබිණා. කිඹුලා ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබූණා
Friday Feb 10th, 2012, 12:56:01